ජාතික නිදහස් දින ජාතික ගීය දෙමලෙන්ද ගයන්න කැබිනට් අනුමැතිය…

මීළඟ නිදහස් දිනයේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට කැබිනට් මණ්ඩලය පිලිගෙන තිබේ.

ධීවර අමාත්‍ ඩග්ලස්ය දේවානන්ද මහතා සඳහන් කළේ ඒ අනුව 2023 ජාතික නිදහස් උළෙලේ දී දී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනය කරනු ඇති බවයි.

තමන් විසින් එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවද හෙතෙම සඳහන් කළේය.

ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම මෙරට දෙමළ මුස්ලිම් ජනතාවගේ සතුටට මෙන්ම දැඩි ප්‍රසාදයටත් ඔවුන්ගේ සිත් දිනා ගැනීමටත් විශාල හේතුවක් වනු ඇති බව ද හෙතෙම තවදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published.