චීනයෙන් සැර කතාවක්

Yuan Wang 5 චීන පර්යේෂණ නෞකාවෙන් කිසිදු රටක ආරක්ෂාවට තර්ජනයක් නොමැති බවත් ඊට තුන්වැනි පාර්ශ්වයකින් බාධා නොකළ යුතු බවත් චීනය අවධාරණය කරයි.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මේ බව පැවසුවේ බීජිං නුවර ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය.

චීනයේ නිෂ්පාදිත අභ්‍යාවකාශ, චන්ද්‍රිකා සහ බැලස්ටික් මිසයිල ග්‍රාහක පර්යේෂණ නෞකාවක් වන Yuan Wang 5 නෞකාව හම්බන්තොට වරායට ඊයේ සේන්දු විය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Wang Wenbin මහතා.

“චීනය සහ ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික අසල්වැසි මිතුරන්. රටවල් දෙකම අවබෝධාත්මකව දෙපාර්ශ්වයටම ප්‍රතිඵලදායක විවිධ ක්ෂේත්‍රයන්හි මිත්‍රත්ව සහයෝගීතාවයක් උදෙසා කැපවී සිටිනවා. ඒ වගේම වසර ගණනාවක් පුරා චීනය හා ශ්‍රී ලංකාව සමුද්‍ර විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්‍රයේ සමීප සහයෝගීතාවක් පවත්වාගෙන යනු ලබනවා. ශ්‍රී ලංකා පාර්ශවය සමග දේශපාලනමය අවබෝධාත්මක විශ්වාසය තහවුරු කිරීමටත්, දෙපාර්ශ්වයටම ප්‍රතිඵලදායක, ශක්තිමත් ස්ථාවර සහයෝගීතාවක් වැඩිදියුණු කිරීමටත් චීනය අපේක්ෂා කරනවා.”

“මම නැවත අවධාරණය කිරීමට කැමතියි Yuan Wang 5  ජාත්‍යන්තර නීතියට හා භාවිතයන්ට අනුකූලව ක්‍රියාත්මක වන අතර එහි සමුද්‍ර විද්‍යාත්මක පර්යේෂණ ක්‍රියාකාරකම්වලින් කිසිදු රටක ආරක්ෂක සහ ආර්ථික අභිලාෂයන්ට බලපෑමක් ඇති නොකරන බව. එමෙන්ම, ඊට කිසිදු තුන්වන පාර්ශවයක් බාධාවන් ද නොකළ යුතුයි.”

Leave a Reply

Your email address will not be published.