තවත් ඉන්ධන නෞකාවක් අද දිවයිනට

සුපිරි ඩීසල් සහ ඩීසල් මෙටි්‍රක් ටොන් ලක්ෂයක් රැගත් නෞකාවක් අද (17) දිවයිනට ළඟාවීමට නියමිත යි.
ඒ අනුව ඛනිජ තෙල් සංස්ථාව සුපර් ඩීසල් නෞකාවක් රැගෙන එනු ලබන්නේ මාස දෙකකට පසුවයි.
මේ අතර ජාතික ඉන්ධන අවසරපත හෙවත් කිව් ආර් ක්‍රමවේදයට අනුව රජයේ වාහන ලියාපදිංචි කිරීම සහ අත්‍යවශ්‍ය ඉන්ධන අවශ්‍යතා පිළිබඳ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා.
මාර්ගගත ක්‍රමයට පැවති එම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ විවිධ රාජ්‍ය ආයතනවල නිලධාරීන් එක්ව සිටියා.
එමෙන්ම ඇමරිකානු ඩොලර් මිලියන 500කට අධික සුළං බල ව්‍යාපෘති දෙකක් සදහා අදානි ග්‍රීන් එනර්ජි සමාගම වෙත තාවකාලිකව බලපත්‍ර ලබාදුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා.
මන්නාරම ප්‍රදේශයේ මෙගාවොට් 286ක සහ පුනරීන් ප්‍රදේශයේ මෙගාවොට් 234ක් සුළං බල ව්‍යාපෘති දෙකක් සදහායි මෙලෙස බලපත්‍ර ලබා දී ඇත්තේ.
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීම ඊයේ පස්වරුවේ එම අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.
දීර්ඝ කාලයක් විදුලිබල පනත සංශෝධනය නො කිරීම හේතුවෙන් ක්‍රියාත්මක කිරීමට නො හැකි ව තිබූ ව්‍යාපෘති 46න් 21ක් එම පනත සංශෝධනය වීම මඟින් ක්‍රියාත්මක කිරීමට හැකියාව පවතිනවා.
ඒ යටතේ මෙම ව්‍යාපෘතිවලින් විදුලිය මිල දී ගැනීමේ ගිවිසුම්වලට එළඹීම එළැඹෙන සතියේ දී සිදු කිරීමට නියමිත යි.

Leave a Reply

Your email address will not be published.