යාල වනෝද්‍යානයේ පිහිටි හෝටලයකදී දියමන්ති මුදුවක් අස්ථානගත වීමේ සිද්ධියට මුහුණපා ඇත්තේ ඇමැති දියණියක නොව ව්‍යාපාරිකයකුගේ බව වාර්තා වේ.
යාල සංචාරයක නිරතව සිටියදී රුපියල් ලක්ෂ 25ක් වටිනා දියමන්ති මුදුව අස්ථානගත වීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇත්තේ ව්‍යාපාරිකයා බවත් පැවසේ.
සිද්ධිය වාර්තා කිරීමේදී ඇමැති දියණියක සහ ඇගේ පවුලේ අය ඊට සම්බන්ධ යැයි වාර්තා කෙරී ඇත්තේ ප්‍රමාද දෝෂයකිනි.