විදුලි සැරෙන් තවත් අලියෙක් මරුට

වවුනියාව, ගනේෂපුරම් හි ගෙවත්තක වන සතුන් දඩයම් කිරීම සඳහා ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක පැටලී වල් අලියකු මියගොස් ඇතැයි වවුනියාව වනජීවි කාර්යාලය පවසයි.

සතුන් දඩයම් කිරීම සඳහා අද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක පැටලී ඇති බවද වනජීවි කාර්යාලය සඳහන් කළේය.

මියගිය අලියාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය කිලිනොච්චිය වනජීවි පශුවෛද්‍ය බි.ගිරිදරන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු අතර විදුලිසර හේතුවෙන් අභ්‍යන්තර ඉන්ද්‍රීන් අක්‍රියවීමෙන් හා හානිවීමෙන් මෙම මරණය සිදුව ඇති බවට අනාවරණයවිය.

Leave a Reply

Your email address will not be published.