දඬුලේනා ගැන හොයන්නත් කමිටුවක්

දඬු ලේනා ජාතික සත්වයා තත්ත්වයෙන් ඉවත් කරනවාද? නැද්ද? යන්න තීරණය කිරීම සඳහා කමිටුවක් පත් කළ බව කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, වන ජීවී අමාත්‍යාංශ ලේකම් ඇතුලු පිරිසක් එම කමිටුවේ සාමාජිකයෝ වෙති.

කමිටුව දෙන තීන්දුවත් මහජනතාවගේ අදහස් හා යෝජනාත් අනුවත් කටයුතු කරන බවත්  දඬුලේනා තවදුරටත් ජාතික සත්වයා ලෙස තබා ගැනීමට කැමති නම් ඊට කිසිදු විරුද්ධත්වයක් නැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

දඬුලේනා ජාතික සත්වයා තත්ත්වයෙන් ඉවත් කිරීම පිළිබඳව හිතුවක්කාර තීරණ කිසිවිටෙක නොගන්නා බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

දඬුලේනා වගා හානි සිදුකරන සත්ව ලැයිස්තුවට ඇතුළත් කිරීමට කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය මීට පෙර  තීරණය කළද දඬුලේනා ශ්‍රී ලංකාවේ ජාතික සත්වයා ලෙස නම් කර තිබීම නිසා එම ලැයිස්තුවට ඇතුළත් කිරීමේ ගැටළු සහගත තත්ත්වයක් උද්ගත විය

Leave a Reply

Your email address will not be published.