විදේශ මුදල් තැන්පත් කිරීමට හා විකිණීමට මසක පොදු සමා කාලයක්

විදේශ ව්‍යවහාර මුදල් තැන්පත් කිරීම හෝ විකිණීම සඳහා මසක පොදු සමා කාලයක් ලබා දී ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා.
ඒ පසුගිය 15 වනදා සිට බලපැවැත්වෙන පරිදියි. ඒ අනුව, පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට හෝ ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට තැන්පත් කිරීමට හෝ බලයලත් වෙළෙන්දෙකුට අදාළ පොදු සමා කාලය ලබාදෙන බවයි මහ බැංකුව නිවේදනය කළේ.
එසේම, මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 0112 477 255, 0112 398 511 යන දුරකථන අංක මගින් විදේශ විනිමය දෙපාර්තමේන්තුව මගින් විමසිය හැකියි.

Leave a Reply

Your email address will not be published.