22කට එරෙහිව පෙත්සම් නවයක්

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එය විශේෂ මන්ත්‍රී සංඛ්‍යාවක ගේ සහ ජනමත විචාරයකින් සම්මත කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු නවදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (18) පෙත්සම් 9ක් ගොනු කරනු ලැබ ඇත.

වෛද්‍ය ගුණදාස අමරසේකර, විනිවිද පෙරමුණේ මහ ලේකම් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු, නීතීඥ නුවන් බෙල්ලන්තුඩාවේ යන මහත්වරුන් ඇතුළු 9 දෙනකු මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරනු ලැබ තිබේ.

මෙම පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නම්කර ඇත්තේ නීතිපතිවරයා.

විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉකුත් 10 වැනිදා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇති බවත් මෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් පෙත්සම් කරුවෝ සිය පෙත්සම් පෙත්සමෙන් පෙන්වා දී ඇත.

එබැවින් මෙය පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර මන්ත්‍රී කණ්ඩායමකගේ අනුමැතියට යටත්ව සහ ජනමත විචාරයකින් සම්මත කර ගැනීමට නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සම්කරුවෝ සිය පෙත්සම් වලින් ඉල්ලා සිටිති.

Leave a Reply

Your email address will not be published.