ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.
සංචිතයේ නායකත්වය පවරා ඇත්තේ දසුන් ශානකටයි.
ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, අශේන් බණ්ඩාර, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ මෙම සංචිතයට ඇතුලත්.
ඊට අමතරව ජෙෆ්රි වැන්ඩසේ, ප්‍රවීන් ජයවික්‍රම, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, දිල්ෂාන් මදුෂංක, මතීෂ පතිරණ, දිනේෂ් චන්දිමාල්, නුවනිඳු ප්‍රනාන්දු සහ කසුන් රාජිත ද මෙම සංචිතයට නම්කර තිබෙනවා.
ආසියානු කුසලානය වෙනුවෙන් එක්වන රටවල් සියල්ල සිය සංචිත ප්‍රකාශයට පත්කර තිබූ අතර මෙතෙක් ප්‍රමාද වූයේ ශ්‍රී ලංකාවේ සංචිතය නම් කිරීම පමණයි.

Leave a Reply

Your email address will not be published.