වසන්ත ඇතුළු දෙදෙනෙක් මාස තුනක් රඳවන් ප්‍රශ්න කිරීමට අවසර

අන්තර් විශ්ව විදාල ශිෂ්‍ය බළ මණ්ඩලයේ පිරිසක් විසින් පැවැත්වු උද්ෂෝණයකින් අනතුරුව පොලිස් අත්අඩංගුවට පත් එම බළ මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු දෙදෙනෙකු මාස තුනක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පොලිසියට ඊයේ (18) අවසර දී ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරක්ෂක අමාත්‍යවරයාට පවරෙන බලතල ප්රකාරව මෙලෙස රැඳවුම් නියෝග නිකුත් කොට ඇත.

අන්තර් විශ්ව විදාල ශිෂ්‍ය බළ මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට අමතරව හෂාන් ගුණතිලක නමැත්තාද රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පොලිසියට අවසර දී ඇතැයි වාර්තා වේ.

රජයට එරෙහිව අන්තර් විශ්ව විදාල ශිෂ්‍ය බළ මණ්ඩලය පසුගිය 18 වැනිදා පැවැත්වු උද්ෂෝණයකදී වසන්ත මුදලිගේ” හෂාන් ගුණතිලක නමැත්තන් ඇතුළු තවත් 16 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

එලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 16 දෙනා පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරීමට නියම කෙරුණු අතර වසන්ත මුදලිගේ” හෂාන් ගුණතිලක නමැත්තන්ට දින 90 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පොලිසියට අවසර දී ඇත.

Leave a Reply

Your email address will not be published.