පත්වීම් ගත්ත ගමන් දොස්තරවරු කොටසක් රට පනිනවා

වාර්ෂිකව වෛද්‍ය විද්‍යාලවලින් පිටවන වෛද්‍යවරු 1500 – 1600 අතරින් 250ක් පමණ දෙනා සේවය අතහැර යන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජි . විජේසූරිය සඳහන් කරයි.

විදේශ රැකියාවන් සඳහා යාම, පෞද්ගලික අංශයේ රැකියාවන් සඳහා යොමුවීම, දුරබැහැර ප්‍රදේශවල රාජකාරි කිරීම ප්‍රතික්ෂේප කිරීම, ආදි හේතු මත වෛද්‍යවරු මෙසේ සේවය හැර යන බව වෛද්‍ය විජේසූරිය පෙන්වා දෙයි.

කෙසේ නමුත් වාර්ෂිකව වෛද්‍යවරු 1500 – 1600 අතර සංඛ්‍යාවකින් 250ක් වැනි පිරිසක් සේවය අතහැර යාම රජයේ රෝහල්වලට දැඩි බලපෑමක් එල්ල නොකරන බවත් ආර්ථික අර්බුදයක් පවතින මෙවන් අවස්ථාවකදී ඔවුන් විදේශ රැකියාවන් සඳහා යොමුවීම රටට ආදායමක් ලැබෙන අවස්ථාවක් වීම යෝග්‍ය කරුණක් බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published.