පොල්ගස්ඕවිට ඇලක මළ සිරුරක්

කැස්බෑව, ‌පොල්ගස්ඕවිට ප්‍රදේශයේ ඇලක තිබී පුද්ගල මළ සිරුරක් ඊයේ(18) දහවල් සොයා ගෙන ඇත. 

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව පොලිසිය පවසයි. 

උස අඩි 05යි අඟල් 06ක් පමණ වේ. මෘතශරීරය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. 

කැස්බෑව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published.