විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු නව දේශපාලන සන්ධානයක් ලබන මස 4 වෙනිදා පිහිටුවන බව ස්වාධීන පක්ෂ එකමුතුව පවසයි.
නව දේශපාලන සන්ධානයේ නමද එදින ප්රකාශයට පත්කරන බව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
ජාතික තරුණ සේවා සභා පරිශ්රයේදී එළිදැක්වීමට නියමිත නව සන්ධානය සම්බන්ධයෙන්වූ සාකච්ඡා වට කිහිපයක් ස්වාධීන පක්ෂ එකමුතුවේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පසුගිය දිනවල පැවැත්විණ.