කාබුල් නුවර බෝම්බ පිපිරීමකින් 30ක් මරුට

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පෙරේදා රාත්‍රි සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 30ක් ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇෆ්ගනිස්තාන පොලිසිය ප්‍රකාශ කළේ අවම වශයෙන් තවත් පුද්ගලයන් 40 දෙනකු තුවාල ලබන්නට ඇති බවය.

පෙරේදා රාත්‍රි කාබුල් නුවර මුස්ලිම් දේවස්ථානයක යාච්ඤාවන් අතරතුර මේ බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති අතර, අවසන් මොහොත දක්වාම මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව ප්‍රකාශ නොකිරීමට තලේබාන් රජය තීරණය කර තිබිණි. මිය ගිය පිරිස අතර දේවස්ථානයේ ප්‍රධාන මවුලවිවරයාද සිටින බව වැඩි දුරටත් වාර්තා වේ.

මේ ප්‍රහාරය පසුපස සිටින්නේ කවර සංවිධානයක් දැයි මෙතෙක් තහවුරු වී නැති අතර, මීට සතියකට පෙර කාබුල් නුවරදීම අයිඑස් ත්‍රස්ත ප්‍රහාරයකින් තලේබාන් හිතවාදි මවුලවිවරයෙක් ඝාතනයට ලක් වීම හේතුවෙන් මේ බෝම්බ ප්‍රහාරයද අයිඑස් ත්‍රස්ත සංවිධානය විසින් කරනු ලැබූ බවට තලේබාන් රජයේ විශ්වාසය වී ඇත.

Leave a Reply

Your email address will not be published.