රජයේ නිලධාරීන්ට රට යන්න වරම්

රජයේ නිලධාරීන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ වැඩසටහන පුළුල් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

විදේශ විනිමය ඉපැයීම වර්ධනය කර ගැනීම සහ රාජ්‍ය සේවයේ නියුතු පිරිස ඵලදායී ලෙස විදේශ රැකියාවලට යොමු කිරීමේ ක්‍රියාවලිය ඉක්මන් කරවීම හා  ඊට සම්බන්ධ ආයතන මුහුණදී ඇති ගැටලු නිරාකරණය කර ගැනීම ඇතුළු තවත් කරුණු කිහිපයක් පිළිබඳ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සහ රාජ්‍ය නිලධාරීන් අතර  පැවති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය විය.

මෙහිදී රාජ්‍ය නිලධාරීන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ ක්‍රමවේදය පහසු කිරීම සඳහා අංක 14/2022 දරණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය සංශෝධනය මෙන්ම තවත් කරුණු 06ක් පිළිබඳව සාකච්ඡා කෙරිණි.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය සංශෝධනය කිරීම මගින්, විදේශ මුදල් ප්‍රේෂණය කිරීමට අනේවාසික විදේශ මුදල් ගිණුමක් හෝ රුපියල් ගිණුමක් භාවිතා කිරීමට අවසර ලබාදීම, වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුපට දායක මුදල් ලැබෙන පරිදි හා ගෙවීමට ඇති බැංකු ණය වාරික පියවීම සඳහා එම ගිණුම් සම්බන්ධ කිරීමේ විධිමත් ක්‍රමවේදයක් ඇති කිරීම කෙරහි මෙහිදී සාකච්ඡාවට බදුන් විය.

Leave a Reply

Your email address will not be published.