සඳුදා සිට බිත්තර මිල අඩුවෙයි

ලබන සඳුදා (22) සිට බිත්තර මිල පහත හෙළන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමග පැවති සාකච්ඡාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔවුන් මේබව ප්‍රකාශ කළේ.
ඒ අනුව බිත්තරයක මිල රුපියල් 5කින් අඩු කරන බවයි බිත්තර නිෂ්පාදකයින් සඳහන් කළේ.
සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය, පශු වෛද්‍යවරුන්ගේ සංගමය, කුකුල් මස් නිෂ්පාදකයින්ගේ සංගමය, ඇතුළු පාරිභෝගික ආහාර ද්‍රව්‍ය නිෂ්පාදකයින් තමන්ට ඇති වී තිබෙන ගැටලු සම්බන්ධව සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍යවරයා හමු වුණා.
මෙම අවස්ථාවට වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍යය ටීබී හේරත්, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති සිසිර ශාන්ත නිරිඇල්ල, මිල්කෝ ආයතනයේ සභාපති රේණුක පෙරේරා ඇතුළු පිරිසක් එක්ව සිටියා.
පැවැති සාකච්ඡාවෙන් අනතුරුව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සංගමයේ සභාපති මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියාසිටියේ එළඹෙන සඳුදා දින සිට බිත්තර මිල ගණන් පහත හෙළන බවයි.

Leave a Reply

Your email address will not be published.