ගෝටාභයට මෙහෙම වුනේ උද්දච්චකම නිසයි…

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අවාසනාවන්ත තත්වයකට පත්වීමට සිදු වුයේ ඔහුගේ තිබුණු උද්දච්ච කම, නම්‍යශීලී නොවීම හා වැරදි උපදේශකයන්ගේ උපදෙස් ලබා නොගැනීම නිසා බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

හැට නව ලක්ෂයක් ජන වරමක්, තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් හිමිකර ගත් ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදු වූ දේ ගැන කනගාටු වන බව ද උන්වහන්සේ පැවසූහ.

රටට සෞභාග්‍ය උදා කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වුවද ඔහුට රටට සෞභාග්‍යවත් දීමට නොහැකි වූ බවද හිමියෝ කියා සිටියහ.

කෙසේ නමුත් ඒ මහතා නීතියෙන් වරදකරුවකු නොවන නිසා ඔහුට මෙරටට පැමිණ නිදහසේ ජීවත් වීමට ඉඩ තිබිය යුතු බව ද ආනන්ද හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

Leave a Reply

Your email address will not be published.