ට්‍රැක්ටරයක් පෙරලීමෙන් තිදෙනෙකුට දිවි අහිමි වෙයි

මූතූර්, පච්චනූර් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් පෙරළී යාමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ ට්‍රැක්ටර් රථයේ 21ක් දෙනෙකු පමණ ගමන් කර ඇති බව වාර්තාවේ. අනතුරෙන් තුවාල ලැබූවන් ප්‍රතිකාර සදහා මුතූර් රෝහලට ඇතුලත් කර ඇත.  

මෙම අනතුරින් කාන්තාවන් තිදෙනෙකු මියගොස් ඇත. මියගිය පුත්ගලයින් සේරුවාවිල ප්‍රාදේශීය පදිංචි කරුවන් වේ.

මූතූර්, ගල්කන්ද ප්‍රදේශයේ විහාරස්ථානයක ශ්‍රමදාන කටයුත්තක් සඳහා ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව තිබේ. 

Leave a Reply

Your email address will not be published.