QR ක්‍රමයට පයින් ගැසූ ෂෙඩ් 12කට තෙල් නෑ

කිව්.ආර්. ක්‍රමවේදය නොතකා කටයුතු කළ පිරවුම්හල් 12කට ඉන්ධන බෙදාහැරීම තාවකාලිකව අත්හිටුවීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ.

විදුලි බල හා බලශක්ති ඇමැතිවරයා මේ තීරණය ගනු ලැබුවේ ඊයේ (19) පැවති ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වෙළෙඳ අංශය සමඟ පැවති ප්‍රගති සමාලෝචන හමුවේදීය.

මෙහිදී QR ක්‍රමවේදය භාවිත කිරීමේදී ඉන්ධන පිරවුම්හල් කටයුතු කර ඇති ආකාරය නිරීක්ෂණය කරනු ලැබිණි. එමෙන්ම මහජන පැමිණිලි ලෙස ලැබී ඇති තොරතුරු අදාළ පොලිස් ස්ථාන වෙත දීමටත් අඛණ්ඩව නියාමන කටයුතු කිරීමටත් නිලධාරීන්ට උපදෙස් දෙන ලදි.

Leave a Reply

Your email address will not be published.