පැය තිහක සටනකින් පසු හයාට් හෝටලයේ බලය සෝමාලියානු හමුදාව අතට

පැය තිහක පමණ සටනකින් පසු මොගඩිෂු අගනුවර හයාට් හෝටලයකට කඩා වැදුණු සටන්කාමීන් පරාජය කළ බව සෝමාලියානු හමුදාව ප්‍රකාශ කරනවා.
ඊයේ(20) සෝමාලියාවේ මොගඩිෂු අගනුවර හයාට් හෝටලයට ඇතුළු වූ ප්‍රහාරකයි විසින් එහි පාලනය සියතට ගත් අතර, එහි වූ අමුත්තන් ද ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගැනීමට කටයුතු කරා.
ප්‍රහාරකයින් අතට පත් වූ හෝටලය සහ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම වෙනුවෙන් පැවැති සටන් හේතුවෙන්, අවම වශයෙන් පුද්ගලයන් 12 දෙනෙකු පමණ මිය ගිය ගොස් ඇති අතර එම මරණ සංඛ්‍යාව ඊටත් වඩා වැඩි විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය අන්තවාදී සංවිධානයක් වන අල්-ෂබාබ් විසින් භාර ගෙන තිබෙනවා.
කෙසේ නමුත් මෙම සටන සම්පූර්ණයෙන් ම අවසන් වී ඇති බව තවමත් තහවුරු කළ නොහැකි බව පවසන විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, හෝටලයට ඇතුළු වූ තුවක්කුකරුවන් සෝමාලියානු හමුදාවේ ප්‍රහාරයන් හේතුවෙන් මිය ගොස් ඇති බවයි.
මේ අතර පසුගිය පැය කිහිපය තුළ ගොඩනැගිල්ල තුළින් කිසිදු වෙඩි ශබ්දයක් වාර්තා නො වූ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.සිකුරාදා රාත්‍රියේ සහ සෙනසුරාදා පුරාවට ආරක්ෂක අංශ විසින් එල්ල කරන ලද දැඩි බෝම්බ ප්‍රහාරවලින් පසුව හෝටලය බොහෝ දුරට විනාශ වී ඇති අතර, ගොඩනැගිල්ලේ වහලයේ සිට පිපිරුම් සහ දුමාරයක් පිටවන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන විදෙස් මාධ්‍ය තුළ හුවමාරු වනවා.

Leave a Reply

Your email address will not be published.