ලබන සතියේ ජනපති හමුවන බව විපක්ෂ නායක කියයි

රට ගොඩනැගීමේ කටයුත්ත පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම වෙනුවෙන් ලබන සතියේ ජනාධිපතිවරයා හමුවන අතර රට වෙනුවෙන් තම වගකීම නොපිරිහෙලා ඉටුකරන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඔහු මේ බව කියාසිටියේ ඊයේ (20) යටියන්තොට සමගි ජනබලවේගයේ බල බලමණ්ඩල රැස්වීම අමතමින්.
එදා රටේ ජනතාව නිවැරදි තීන්දුව ගත්තා නම් අද මේ රට පත්ව ඇති තත්ත්වයටත් ජනතාව වැටී ඇති තත්වයටත් පත් වීමට තමන් කිසිවිටෙකත් ඉඩ නොදෙන බවයි ඔහු සඳහන් කළේ.
ආණ්ඩුවේ බලවතුන් තම තමන්ගේ බල නියාය පත්‍රය තහවුරු කරගැනීම වෙනුවෙන් මේ මොහොතේ සර්වපාක්ෂික සූදුවක් පටන් ගෙන ඇති අතර රටේ ජනතාව අන්ත අසරණ වී සිටියදී කපුටු ආණ්ඩුවක ඇමති තනතුරු ලබා ගන්නේ කෙසේද යන්න විපක්ෂ නායකවරයා ප්‍රශ්න කරනවා.
මේ මොහොතේ රට පත්ව සිටින්නේ වෙන කවරදාටත් වඩා විශේෂ තත්ත්වයකට බැවින් සම්ප්‍රදායික විපක්ෂයක භූමිකාවෙන් ඔබ්බට ගොස් රට වෙනුවෙන් කැප වන බවයි ඔහු කියාසිටියේ.
මන්ත්‍රීවරුන් වරදාන වරප්‍රසාදවලට අලෙවි වන තත්ත්වයක් දක්නට ලැබෙන බව ද විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මෙහිදී ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published.