තවත් කොරෝනා ආසාදිතයන් 140ක් සහ මරණ 4ක්

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිත මරණ 4ක් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16650ක් ලෙසටයි.
මියගොස් ඇත්තේ කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙක්.
අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ එක් පිරිමි අයෙක් මියගිය පිරිසට අයත්.
අනෙක් පිරිමි පුද්ගලයා සහ කාන්තාවන් දෙදෙනා අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ අයයි.
මේ අතර ශ්‍රී ලංකාවෙන් අද දිනයේ කොරෝනා වෛරස් ආසාදිතයන් 140ක් වාර්තාවී තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 668967ක් ලෙසටයි.

Leave a Reply

Your email address will not be published.