පිළියන්දල කලබල කළ ශ්‍රීලනීප ප්‍රා මන්ත්‍රි අල්ලයි

පිළියන්දල පොලිස් වසම තුළ දී ඉකුත් මැයි නම වෙනි දින කලහාකාරී සිද්ධීන් 6කට සම්බන්ධව සිටි බවට විමර්ශනවලදී අනාවරණය වූ කැස්බෑව නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාගරික මන්ත්‍රීවරයකු  අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය සඳහන් කරයි

සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිසියට කැඳවීමෙන් අනතුරුව බව පොලිස් නිලධාරීයෙක් පැවසීය

සැකකාර නාගරික මන්ත්‍රීවරයා තවත් පිරිසක් සමඟ එකතු වී කැස්බෑව නගරාධිපති ලක්ෂ්මන් පෙරේරා මහතාගේ මැයි 9 වැනි  දින  නිවසට පහරදී අලහාභානි කර ගිනි තැබීම, ඔහුගේ ඥාති සහෝදරියගේ නිවසට අලාභ හානි කර ගිනි තබා විනාශ කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතාගේ සහෝදරයා වන බුද්ධදාස ලොකුගේ මහතාගේ නිවසට අලාභානි කර ගිනි තබා විනාශ කිරීම, කැස්බෑව නාගරික මන්ත්‍රී ෂර්ලි ජාඇලගේ මහතාගේ නිවසට පහර දී අලාභානි කිරීම, පිළියන්දලදී සහ ජාලියගොඩ බස්රථ 2 කට පහරදී අලාභානි කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

ආධාර අනුබලදීම කුමන්ත්‍රණය කිරීම පහරදීම,ගිනි තබා දේපළවලට අලාභානි කිරීම ආදී චෝදනා රැසක් යටතේ නාගරික මන්ත්‍රීවරයා කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

Leave a Reply

Your email address will not be published.