පුටින්ගේ උපදේශක ඉලක්ක කළ ප්‍රහාරයෙන් දියණිය මරුට

රුසියාවේ ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ සමීපතම උපදේශකයකු බව කියන එරට ප්‍රකට දාර්ශනික ඇලෙක්සැන්ඩර් ඩුගින් ඉලක්ක කරමින් ඊයේ මොස්කව් නුවර පිපිරී ගිය කාර් බෝම්බයෙන් ඔහුගේ දියණිය දාර්යා ඩුගීනා ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ මොහොතේ ඇය උත්සවයකට සහභාගි වීමෙන් පසු නැවත නිවෙස බලා මෝටර් රථය ධාවනය කරමින් සිටි බවත්, ඇය සමග තවත් පුද්ගලයන් දෙදෙනකු මෝටර් රථයේ සිටි බවත් රුසියා මාධ්‍ය වාර්තා කළේය.

පිපිරී ගිනිගත් ටොයෝටා ලෑන්ඩ්කෘසර් වර්ගයේ රථය දාර්යා විසින් පදවමින් සිටි බවත්, ඇගේ පියා ද එම රථයේ ගමන් කිරීමට නියමිතව සිට පසුව වෙනත් රථයකින් නිවෙස බලා පිටත්ව ගිය බවත් වැඩිදුරටත් වාර්තා වේ. ඒ අනුව මේ ප්‍රහාරය පුටින්ගේ මොළය ලෙස හඳුන්වනු ලබන දාර්ශනික ඇලෙක්සැන්ඩර් ඉලක්ක කරගනිමින් සිදුවූවක් බවට සැක කෙරේ.

රුසියාවේ ප්‍රකට මාධ්‍යවේදිනියක වන දාර්යා ආරම්භයේ සිට යුක්රේන ආක්‍රමණයට සහාය පළ කළ බව ද වාර්තා වේ

Leave a Reply

Your email address will not be published.