”මම ඇදුමක් ඇදලා හැඩවුනාම මට පළවෙනියටම කමෙන්ට් එක ලැබෙන්නේ එයාගෙන්” උපේක්ෂා ස්වර්ණමාලී

මීට වසර කිහිපයකට පෙරදී මෙරට විකාශය කෙරුණු ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමිකර ගත් ටෙලි නිර්මාණයක් ලෙස අපට ස්වාධීන රුපවාහිනියේ විකාශය වුණුිපබා’ ටෙලි නිර්මාණය හදුන්වන්න පුළුවන්’ ඉතින් මේ ටෙලි නිර්මාණයේ පබා ලෙසින් ප්‍රේක්ෂකයන් හමුවට ආවේ ලංකාවේ කොයි කවුරුත් ආදරය කරන සුන්දර රංගන ශිල්පිනියක්’ ඇය තමයි උපේක්ෂා ස්වර්ණමාලී’

ඇත්තෙන්ම උපේක්ෂාව මෙරට බොහෝදෙනෙකු හදුනන්නේ උපේක්ෂා කියන නමට වඩා පබා කියන නමෙනුයි’ ඊට හේතුව වෙන්නේ ඇය මේ පබා කියන චරිතයට ඉටුකළ සාධාරණයයි’ එදා එලෙස පබාව වැළදගත් ආදරණීය ප්‍රේක්ෂයකයන් උපේෂාට එදා වගේම අදටත් ගොඩක් ආදරය කරනවා’ ඉතින් ඒ විදිහට ආරම්භ කල උපේක්ෂාගේ මේ කලා ගමන තුළ ඇයව අපට කලා නිර්මාණ රැසක් ඔස්සේ දැකගන්නට ලැබුණා’

කොහොම වෙතත් උපේක්ෂා කියන්නේ මේවෙද්දී දියණියකගේ ආදරණීය මවක් වුණත් විලාසිතා කරමින් ඇය හරි සුන්දර ජීවිතයක් ගත කරනවා’ ඇත්තෙන්ම සරල පහසු විලාසිතා කරන එක තමයි ඇගේ අදහස වෙන්නේ’ ඉතින් ඇයනම් කියන්නේ සාමාන්‍යයෙන් ඇදුමක් තෝරනවිට ඇය විසින් ප්‍රථමයෙන්ම බලන්නේ ඇගේ හැඩය කියලයි’ ඒ අනුව තමයි ඇය ඇදුම් තෝරගන්නේ’

ඉතින් අලු‍ත් ඇදුම් ඇදලා විලාසිතා කරනවා වෙනුවට කිලිටුවුන ඇදුම් සහ ඉරුණු ඇදුම් පවා ඇදන් යනවා කියලයි ඇයනම් පවසන්නේ’ ඒ වගේම රගපෑමෙන් තමන් ප්‍රේක්ෂක ආදරය සහ ආකර්ෂණය දිනාගෙන තියෙන නිසා අමුතුවෙන් විලාසිතා කරලා ප්‍රේක්ෂක ආකර්ෂණය ලබා ගන්නට මම උත්සහ කරන්නේ නැහැ කියලත් ඇය සදහන් කරනවා’

Leave a Reply

Your email address will not be published.