ජනතාවාදි විපක්ෂයක් ලෙස පාර්ලිමේන්තුවේ පෙනී සිටිනවා

විදුලි බිල සාමාන්‍ය වැඩි වීමක් සහ කාණ්ඩ වශයෙන් විශාල වැඩි වීමක් සිදුව ඇති අවස්ථාවක ජනතාවට දැඩි අභියෝග රැසකට මුහුණ දීමට සිදුව ඇති බවත් මීට එරෙහිව ජනතාවාදි විපක්ෂයක් ලෙස පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදීව පෙනී සිටින බවත් ඊයේ (23) විදුලි පාරිභෝගික සංගමයේ විශේෂ හමුවකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.

මේ රටේ පාරිභෝගික ජනතාවගේ අයිතීන් මෙන්ම සාමාන්‍ය ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කිරීමට වගකිව යුතු විපක්ෂයක් ලෙස පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදි අරගලයක් සිදු වූ බවත් එහිදී මහ පාරේ උද්ඝෝෂණය කිරීම පවා ත්‍රස්තවාදි ක්‍රියාවක් ලෙස හඳන්වන කාලයක් ස්ථාපිත වී ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ තමන් පිළිගන්නා මතයක් වෙනුවෙන් පෙනී සිටීම සහ රැස්වීම, සාමකාමි උද්ඝෝෂණය, කතා කිරීමේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් පිළිගෙන ඇති නමුත් රටක ජනතාව දැවැන්ත අන්තරාදායක තත්ත්වයකට පත් කරමින් දරදඬු ක්‍රියාමාර්ග රැසකට එළැඹ ඇති බවත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published.