භාණ්ඩ 300 කට ආනයන සීමා

මුදල් අමාත්‍යංශය භාණ්ඩ 300 කට අධික ප්‍රමාණකයක් ආනයනය ඊයේ(23) සිට නැවත දැනුම්දෙනතුරු තාවකාලිකව අත්හිටුවා තිබේ.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කෙරුණු අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ඒ් බව සදහන් කර ඇත. 

කෙසේවෙතත්, ඊයේ දිනයට පෙර නැව්ගත කර සැප්තැම්බර් 14 වැනිදාට පෙර මෙරටට රැගෙන එන භාණ්ඩ වලට එය අදළා නොවේ.

තාවකාලිකව ආනයනය අත්හිටවූ භාණ්ඩ අතර කිරි, බටර්, චොකලට්, පළතුරු, මල් සහ අරක්කු වර්ග වේ.

එමෙන්ම, ක්‍රීම් වර්ග, රූපලාවන්‍ය උපකරණ, සුවඳ විලවුන්, ෂැම්පු, අත්බෑග්, නිමි ඇඳුම්, පාවහන්, විදුලි උපකරණ සහ මුළුතැන්ගෙයි උපකරණ ද අදාළ ආනයන සීමාවලට අයත්ය.

Leave a Reply

Your email address will not be published.