වෑන් – ත්‍රිරෝද ගැටී දෙකක් මරුට:අයෙක් රෝහලට

දොඩංගොඩ මලබඩ ප්‍රදේශයේ දී වෑන් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් තවත් පුද්ගලයකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි දොඩංගොඩ පොලිසිය පවසයි.

ත්‍රීරෝද රථය යටදොල ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාගෙන මතුගම දෙස සිට කළුතර දෙසට යමින් සිට ඇති අතර , වැන් රථය කළුතර දෙස සිට මතුගම දෙසට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කීය.

අනතුරෙන් මියගොස් ඇත්තේ ත්‍රීරෝද රථයේ පසුපස ගමන්ගත් දෙදෙනා බවත් ඔවුන් දොඩංගොඩ සපුගහවත්ත ප්‍රදේශයේ පදිංචි කරුවන් බවත් පොලිසිය කීය.

රෝහල් ගතකර ඇති ත්‍රීරෝද රථ රියදුරුගේ තත්ත්වයද තරමක් බරපතළ බවද සදහන් වේ.

Leave a Reply

Your email address will not be published.