අනුරපුර සංචාරක ආකර්ෂණය වැඩි කිරීමට අවධානය

ඓතිහාසික අනුරාධපුර පුදබිම සංචාරක ආකර්ෂණය දිනා ගත හැකි නගරයක් බවට පත් කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.

මේ සඳහා අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කෙරෙන අතර, ඒ සඳහා ප්‍රංශය වැනි සංචාරකයන් බහුලව ඇදී යන ඓතිහාසික ස්ථාන සහිත රටවල උපදේශකවරුන්ගේ අදහස් ගැනීමටද අදහස් කෙරේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහසක් අනුව අනුරාධපුරය සංචාරක ගමනාන්තයක් වශයෙන් සංවර්ධනය කිරීමට නියමිතය. පැරණි ඊජිප්තු රාජ්‍යය වැනි ඓතිහාසික නගර නැරඹීමට සංචාරකයන් සතියක් පමණ ගත කළත් අනුරාධපුර නගරය නැරඹීමට එන විදේශ සංචාරකයන් බොහෝමයක් අනුරාධපුරය නගරය දැක බලා ගැනීමට ගත කරනුයේ දවස් භාගයකි. අනුරාධපුර නගරය සංස්කෘතික සහ ඓතිහාසික සංචාරක ආකර්ෂණය දිනා ගන්නා නගරයක් බවට පත් කර විදේශිකයන් වැඩි දින ගණනක් රැඳී සිටින ගමනාන්තයක් බවට පත් කර විදේශ මුදල් උපයන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට අරමුණ වී තිබේ.

ජපානය, දකුණු කොරියාව, චීනය, මියන්මාරය, තායිලන්තය, ලාඕසය, කාම්බෝජය, දකුණු වියට්නාමය වැනි රටවලින් පැමිණෙන සංචාරකයන් මෙහිදී වැඩි වශයෙන් ඉලක්ක කර ගැනේ.

ලබන වසර වන විට මෙරටට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය වැඩි කර ගැනීමට හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published.