කොන්දේසි සහිතව ටයිල් ආනයනයට අවසර

මේ වන විට ආනයන සීමා යටතේ මෙරටට ගෙන්වීම තහනම් කර ඇති ටයිල් ඇතුළු ඉදිකිරීමේ කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය හා වාහන ඇතුළු භාණ්ඩ වර්ග රැසක් කොන්දේසි සහිතව ආනයනය කිරීමට අදාළව මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙයි.

 ඒ අනුව ආයෝජන මණ්ඩල ව්‍යාපෘති නොවන අනුමත සහාධිපත්‍ය (Condominium) ව්‍යාපෘති, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති, හෝටල් ව්‍යාපෘති සහ රජයේ ව්‍යාපෘති සඳහා අදාළ ආනයන කිරීමට අවසර හිමිවෙයි.

අදාළ ආනයනික භාණ්ඩ සෘජුව හෝ වක්‍රව නැවත විකිණීමේ අරමුණින් ගෙන්වන ඒවා නොවිය යුතු බවයි එහි වැඩිදුරටත් සදහන් වෙයි.

මේ සඳහා සිදුකරන ගෙවීම් සඳහා දින 180ක කාලයක් යටතේ වන ණයවර ලිපි මගින් කළ යුතු අතර ඒ සඳහා ආනයන අපනයන පාලක, භාණ්ඩාගාර ලේකම්, මුදල් අමාත්‍යවරයාගේ අවසරය ලබාගැනීම වැනි කොන්දේසි ඇතුළත් වේ.

Leave a Reply

Your email address will not be published.