තරුණ දිවි අහිමිකල පයාගල අනතුර

කතරගම සිට කොළඹ බලා ධාවනය වූ අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයක් සහ යතුරුපැදියක්  මුහුණට මුහුණ ගැටී සිදුවූ රිය අනතුරකින් යතුරුපැදිකරු මියගොස් ඇතැයි පයාගල පොලිසිය පවසයි .

අනතුරෙන් මියගොස් ඇත්තේ මග්ගොන, මුංහේන ප්‍රදේශයේ පදිංචිව සිටී මොහොමඩ් උවේයිස් අෆ්සාම් අහමඩ් නැමැති 26 හැවිරිදි තරුණයකු බව පොලිසිය කීය.

කතරගම සිට කොළඹ බලා පැමිණි මගීන් රැගත් අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථය උතුරු පයාගල මංසන්ධිය ආසන්නයේ දී කොළඹ දෙසින් පැමිණි යතුරුපැදියේ මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව තිබේ.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇතැයි රෝහල් ප්‍රකාශයකයෙක් පැවසීය .

Leave a Reply

Your email address will not be published.