වැඩිමිලට බිත්තර විකුණූ ව්‍යාපාරිකයාට වැඩ වරදී

උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට බිත්තර අලෙවි කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ගාල්ලේ ව්‍යාපාරිකයකුට රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබෙනවා.
ඒ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ හමුවේ ඊට අදාළ නඩුව අද දින කැදවූ අවස්ථාවේ දී යි.
ගාල්ල නගරයේ පිහිටි බිත්තර අලෙවිසැලක ව්‍යාපාරිකයකුටයි මෙලෙස දඩ මුදල් නියමකර ඇත්තේ.
ඔහු විසින් රුපියල් 43කට අලෙවි කළ යුතු බිත්තරයක් රුපියල් 54කට අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය නඩු පවරා තිබුණා.

Leave a Reply

Your email address will not be published.