ආනයන තහනම ජනතාවගේ ආරක්‍ෂාවට තර්ජනයක්

රජය විසින් ගනු ලබන ඇතැම් තීරණ නිසා කර්මාන්ත විනාශ වෙමින් බිද වැටෙමින් තිබෙන අතර යාලු මිත්‍රයන්ගේ කර්මාන්ත,ව්‍යාපාර සදහා අවස්ථා විවරකරමින් තිබෙන බවත්, භාණ්ඩ වර්ග 300 ක ආනයනය තහනම් කිරීමට රජය පියවර ගැනීමෙන් ජනතාවගේ ජීවනෝපායන් මෙන්ම ආරක්‍ෂාවට ද දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවත් මෙම ආනයන තහනමත් සමඟ ක්ෂේත්‍ර ගණනාවක ලක්‍ෂ ගණනක රැකියා අහිමිවීමේ අවධානමක් ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද (26) දින පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

දුම්රිය සඳහා වන සංඥාා පද්ධති සහ ඒවාට අදාල අමතර කොටස් ආනයන තහනම් කිරීමෙන් දුම්රිය අනතුරු වීමේ දැඩි අවධානයක් ඇති බව කී ජයගොඩ මහතා වාහන ගිනිනිවීමේ උපකරණ ආනයනය ද සීමාකර ඇති බව ද සඳහන් කළේය.  

යකඩ, ඇළුමිනියම්, ජලනළ ඇතුළු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ උපකරණ රැසකට ආනයන තහනම පැනවීම නිසා මහ පරිමාණ ඉදිකිරීම් සමාගම් මෙහෙයුම් සියයට 60 කින් අඩු වී ඇති බවත් කඩදාසි සහ කාඩ්බෝඩ් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයන තහනම් කිරීම නිසා පුවත්පත් සහ පොත් යන අංශවල රැකියා දැඩි අවධානමකට පත්ව ඇති බවත් ජයගොඩ මහතා කීය.

අස්වනු නෙළන යන්ත්‍ර ඇතුළු ගොවි උපකරණ රැසක් ආනයන කිරීම තහනම් කිරීමෙන් මෙම ආනයන තහනම ආර්ථිකයට දැඩි හානියක් වන බව ද ජයගොඩ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.  

Leave a Reply

Your email address will not be published.