ඇමර්සන් ගිනි ගනී

බ්‍රසීලයේ ඇමර්සන් වනාන්තරයේ යළි ලැව් ගිනි හට ගෙන ඇත. 

වසර 15ක කාලයක් තුළ හට ගැනුණු වඩාත් බලපෑම් සහගත ලැව්ගිනි තත්ත්වය මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලොව විශාලතම වැසි වනාන්තරය වන්නේ ඇමර්සන් වනාන්තරයයි. එහෙත් එහි නිරන්තර ලැව් ගිනි හේතුවෙන් වනාන්තරය විනාශ වෙමින් පවතී. 

චන්ද්‍රිකා නිරීක්‍ෂණ මගින් ඉකුත් 22වැනිදා ලබාගත් වාර්තාවන්ට අනුව වනාන්තරයේ ස්ථාන කිහිපයක ලැව් ගිනි 3,358ක් අනාවරණය වී තිබේ. එය 2007 වස‍රේ සැප්තැම්බර් මාසයට පසු, දිනක් තුළ ඇමර්සන් වනාන්තරයේ නිරීක්‍ෂණය වූ වැඩිම ලැව්ගිනි සංඛ්‍යාව බව වාර්තා වේ. 

Leave a Reply

Your email address will not be published.