ව්‍යාපාරිකයින් ගෙන් අනතුරු ඇඟවීමක්

ඇඟලුම් ක්ෂේත්‍රය ඇතුලු තවත් ක්ෂේත්‍ර ගණනාවකට අදාළ භාණ්ඩ ආනයනය තහනම් කිරීම හේතුවෙන් තමන් දැඩි ලෙස අපහසුතාවයට පත්වී සිටින බව එම ක්ෂේත්‍රවල නිරත ව්‍යාපාරිකයින් පවසයි.

භාණ්ඩ 305ක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවමින් මුදල් අමාත්‍යාංශය විසින් පසුගිය 23 වනදා නිවේදනයක් නිකුත් කළේය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති ටානියා අබේසුන්දර මහත්මිය සඳහන් කළේ,

ඇඟලුම් ක්ෂේත්‍රයේ මිලියන ගණනක් සෘජුව සහ වක්‍රව සේවය කරනවා. බොහෝ ප්‍රමාණයකට රැකියා අහිමි වෙයි. ඇත්තටම තියෙන්නේ ඩොලර් ප්‍රශ්නයක්. ඩොලර් ප්‍රශ්නයට ඇතිවෙන්න විසඳුම් දිලා තියෙනවා රජයට ලිඛිතව. ඇතිවෙන්න ඩොලර් ඔපන් මාර්කට් එකේ තියෙනවා. අපි රජයෙන් පුන පුනා ඉල්ලලා තිබුණා මේ ඩොලර් බැංකු ක්ෂේත්‍රයකට ගෙනඑමේ ක්‍රමවේදය හදලා දෙන්න කියලා. මේ ගේන ඩොලර්වලින් විවෘත ගිණුම් කරලා එ්වාට ඉම්පෝට්ස් කරන්න ඉඩ දෙන්න. කිව්වාම ඒකට පොඩ්ඩක් ඇහුම්කන් දෙන්න. රජයේ වගකීම ඇවිල්ලා ව්‍යාපාර රැකගැනීම. තමන්ට හිතුමතේට තීරණ අරගෙන මේ තියන ටිකත් නැති නාස්ති කිරීමේ විදියට ද මේ රට පත්වෙන්නේ එතකොට.”

“ඔයගොල්ලෝ වගකියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න 225ට නෙමේ. රට නියෝජනය කරන මිලියන 21ට කියන එක කරුණාකරලා මතක තියා ගන්න. මෙවලම්වලට තහංචි දලා තියෙනවා. එතකොට සමාන්‍ය මනුස්සයෙක් ඉඳිකටු 100ක් ගන්න ඕනේ නම් ඒ මනුස්සයා ඒක ආනයනය කරන්න ඕනේද?

Leave a Reply

Your email address will not be published.