ජලය සඳහා වන ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජල සම්පාදන යෝජනා ක්‍රම මගින් ජලය සපයනු ලබන සියලුම පාරිභෝගිකයින්ගෙන් 2022 සැප්තැම්බර් මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගැසට් නිවේදනයට අනුව අය කිරීම් සිදු කරන බව එයින් පවසනවා.
ඕනෑම පරිශ්‍රයක ජල ගාස්තුවට, පරිහරණ ගාස්තුව, මාසික සේවා ගාස්තුව සහ අනිකුත් ගාස්තු සහ අදාළ බදු ඇතුලත් වෙනවා.
ජල බිල්පතෙහි සාමාන්‍යයෙන් සම්පූර්ණ මාසික ජල ගාස්තුව දැක්වෙන අතර ඕනෑම පාරිභෝගිකයෙකුට තම ජල බිල්පතට අමතරව එකතු කළ අගය මත බදු/ අත්හිටවූ එකතු කළ අගය මත බදු ඉන්වොයිසයක් අවශ්‍ය වේ නම්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙහි පූර්ව ලියාපදිංචියකින් එය ලබාගත හැකි බවයි කියන්නේ.
අදාළ ගැසට් නිවේදනයට අනුව ජල ගාස්තුව කාණ්ඩ 12කට වෙන්කර තිබෙනවා.
එහි සඳහන් ව ඇති ආකාරයට සාමාන්‍ය ගෘහස්ථ (සමුර්ධි සහ වතු නිවාස හැර) ජල පාරිභෝගිකයන්ට ඔවුන්ගේ මාසික ජල පාරිභෝජනය ඒකක 16 – 20 අතර වන්නේ නම් ඒකකයක් සඳහා රු. 68ක් වෙනවා. ඒ සඳහා වන මාසික සේවා ගාස්තුව රු.300ක්. ජල ඒකක 20ක් භාවිතා කරන සාමාන්‍ය පවුලක මාසික ජල ගාස්තුව මේ ගැසට් නිවේදනයට අනුව 1,660ක්. එහෙත් ඒ සඳහා මෙතෙක් වැය වූයේ රු.500ක ට ආසන්න ගණනක්. එය ආසන්න වශයෙන් තුන් ගුණයක ඉහල යාමක්.