හිඟය වැළැක්වීමට දේශීය දියර කිරි සහ පිටිකිරි නිෂ්පාදනයට ප්‍රමුඛතාව

දේශීය කිරි ආශ්‍රිත සෙසු නිෂ්පාදන වලට ඉදිරියේදී ප්‍රමුඛතාව ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඒ, ආනයන තහනමත් සමඟ වෙළඳපොලේ ඇතිවිය හැකි කිරි ආශ්‍රිත නිෂ්පාදන හිඟය වළක්වාගැනීමේ අරමුණින්.
ඒ අනුව දේශීය සමාගම්වලට රජය උපදෙස් ලබා දී ඇත්තේ දේශීය වශයෙන් කිරිපිටි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනවලට ප්‍රමුඛතාවක් ලබාදෙන ලෙසයි.
මේ අතර ආනයනික තහනමත් සමඟ ඉදිකිරීම් ක්ෂේත්‍රයට ද දැඩි බලපෑම් එල්ලවීම හේතුවෙන් එහි සේවයේ නියුතු පිරිස් විදෙස්ගතවීමේ ප්‍රවණතාවක් උද්ගතව ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරිම් සංගමය පවසනවා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිළි කරන එම සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි සඳහන් කළේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රය රැකගැනීම සඳහා රජය විධිමත් ලෙස කටයුතු කළ යුතු බවයි.

Leave a Reply

Your email address will not be published.