අන්තරේ මුදලිගේ කොළඹ ගෙනෙයි

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ විමර්ශන කටයුතු සඳහා තංගල්ලේ පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ සිට කොළඹ පිහිටි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට රැගෙන විත් තිබේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් දින 90ක් රඳවා ගැනීමේ නියෝගමත රඳවා ගෙන විමර්ශන පවත්වන වසන්ත මුදලිගේව කොළඹට රැගෙනවිත් ඇත්තේ ඉකුත් සිකුරාදාය. නාරාහේන්පිට පොල්හේන්ගොඩ පිහිටි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ඊයේ (28) දිනයේදීත් රඳවා සිටි වසන්ත මුදලිගේ මහතාගෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්ම වරින් වර ප්‍රශ්න කර තිබුණු බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

Leave a Reply

Your email address will not be published.