උසස් පෙළ හපනුන් 10,000කට වැඩ තුනටම ‘A’

අපොස උසස් පෙළ 2021 විභාගයට පෙනී සිටි මුළු අයදුම්කරුවන්ගෙන් 10,000ක් තමන් පෙනී සිටි ප්‍රධාන විෂයයන් තුනටම ‘A’ සාමර්ථ්‍ය ලබා ඇත. මෙය සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට 3.67ක ප්‍රතිශතයකි.

විෂයයන් තුනටම ඒ සාමාර්ථ්‍ය ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 9,313ක් පාසල් අයදුම්කරුවෝ වෙති. මෙය විභාගයට පෙනී සිටි මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට 3.95කි.

විභාග දෙ පා ර් ත මේ න් තු වේ ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය කළේය.

කොවිඩ් වසංගතය හෝ වෙනත් ගැටලු හේතුවෙන් දරුවන්ගේ පැත්තට කිසිදු හානියක් සිදු නොකර ගිය වසරේ හැසිරුණු ආකාරයටම මේ වසරේදීත් සමස්ත ශිෂ්‍ය ජනගහනයේ සාධන මට්ටම හොඳ මට්ටමක පවතින බව මෙරට විශ්වවිද්‍යාලයන්හි සංඛ්‍යාන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරුන් කණ්ඩායමක් පෙන්වා දී ඇතැයි මෙම මාධ්‍ය හමුවේදී විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්.ඩී. ධර්මසේන මහතා පැවසීය.

රටේ ඇති වූ තත්ත්වයන් මත ළමයින්ට පාසල් යෑමට නොහැකි වූවද, ගෙදර සිට හෝ වෙනත් ක්‍රම මඟින් හෝ ඔවුන් තමන්ගේ

කාර්යය නිසි ලෙස කර ඇති බව මෙම ප්‍රතිඵලයෙන් පෙන්නුම් කෙරෙන බවද ඒ මහතා කීවේය.

විභාග දෙපාර්තමේන්තුවේ ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවේදී විභාග කොමසාරිස් ජනරාල්වරයා මේ බව පැවසීය.

අපොස උසස් පෙළ 2021 (2022) විභාග ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වැඩිම සාධන මට්ටමක් පෙන්වා තිබෙන්නේ පළමු වර විභාගයට පෙනී සිටි අපේක්ෂකයන් බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය. මෙවර සියලු විෂයයන්ගෙන් සමත් ප්‍රතිශතය සියයට 60ට වඩා වැඩි බවද කීවේය.

ජීව විද්‍යාව විෂය ධාරාව යටතේ පළමු වතාවට විභාගයට පෙනී සිටි අපේක්ෂකයන්ගෙන් සියයට 52.4ක් පළමු දස දෙනාට ඇතුළතුව සිටින බවද, දෙවැනි තුන්වැනි වර පෙනී සිටි ප්‍රතිශතය 47.6ක් බවද පැවසීය. භෞතික විද්‍යා අංශයෙන් පළමු වරට විභාගයට පෙනී සිටි අයගෙන් සියයට පළමු වරට පෙනී සිටි අයගෙන් සියයට 76.8ක් හා දෙවැනි හෝ තෙවැනි වර පෙනී සිටි අය 23.2ක් මීට අයත් බවත් පැවසීය. වාණිජ්‍ය අංශයෙන් පළමුවරට පෙනී සිටි සිසුන්ගෙන් සියයට 93.8ක් හා කලා අංශයේ පළමු වරට පෙනී සිටි සිසුන්ගෙන් සියයට 88.2ක් මෙම පළමු දහස අතරට පැමිණ ඇති බවද කීවේය. තවද, පළමු දහසේ කණ්ඩායමට අයත් සිසුන්ගෙන් ඉංජිනේරු තාක්ෂණවේදය විෂයය යටතේ සියයට 81.6ක් පළමු වතාවට විභාගයට පෙනී සිටි අය බවත්, සියයට 18.4ක් දෙවැනි තුන්වෙනි වර විභාගයට පෙනී සිටි අය බවත්, ජෛව පද්ධති තාක්ෂණය සියයට 78.5ක් පළමු වරට පෙනී සිටි අය බවත්, සියයට 21.5ක් දෙවැනි හෝ තුන්වෙනි වරට පෙනී සිටි අය බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම විභාගයට පෙනී සිටි සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට 10.3 එනම් 22 928ක් පාසල් අයදුම්කරුවන් බව විභාග කොමසාරිස් ප ර් යේ ෂ ණ හා සං ව ර් ධ න ගයාත්‍රි අබේගුණසේකර මහත්මිය මෙහිදී පැවසුවාය.

කලින් වසරවලට සාපේක්ෂව සියයට එකක පමණ වැඩිවීමක් මෙමඟින් පෙන්නුම් කර ඇති බවත් ඇය පැවසුවාය. ගියවර එම ප්‍රතිශතය සියයට 8.6ක් බවත් මේ වතාවේ 9.7ක් බවද සඳහන් කළාය.

Leave a Reply

Your email address will not be published.