ශ්‍රී ලංකන් ණය මල්ල ඩොලර් මිලියන 1046ක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ දේශීය හා විදේශීය ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1046ක් බව වරාය නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ (29) අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. මේ අතර ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම අන්තර්ජාතික බැදුම්කරයක් මගින් රජයේ ඇපකරයක් මත එක්සත් ජනපද ඩොලර් මිලියන 175ක් හා බදු කුලී යටතේ ගන්නා ගුවන් යානා සඳහා ගෙවීමට ඇති හිඟ බදු කුලිය එක්සත් ජනපද ඩොලර් මිලියන 80ක විදේශ ණය වෙයි.

ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගමට අයත් ශ්‍රී ලංකා කේටරින් ආයතනයේ කොටස් උකසට තබා ලංකා බැංකුවෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 80ක්, මහජන බැංකුවට හා ලංකා බැංකුවට එක්සත් ජනපද ඩොලර් මිලියන 386ක ණය මුදලක්, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා පුද්ගලික සමාගම හා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය යන සමාගම්වලට එක්සත් ජනපද ඩොලර් මිලියන 325ක් දේශීය ණය වශයෙන් ගෙවීමට ඇත.

ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවාව හා එහි පාලිත සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන යටතේ ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ සියයට 49ක කොටස් හා එහි පරිපාලනයත්, ගුවන්තොටුපොළ මෙහෙයුම්වලින් සියයට 49ක් හා එහි පරිපාලනයත් ආයෝජකයෙකු වෙත ප්‍රදානය කිරීමට අභිලාෂ කැඳවීමට තීරණය කළ බව ද ඇමැතිවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published.