ජනපති නිවසට හානි කළ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට අයුතු ලෙස ඇතුළු වී ගිනි තබා දේපළ හානි කිරීම හා සොරකම් කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය නිවේදනය කරයි.

පසුගිය ජූලි මස 9 වනදා ප්‍රචණ්ඩකාරී හා කලහාකාරී සිදුවීම්වලදී කොල්ලුපිටිය ප්‍රදේශයේ ඇති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට අයුතු ලෙස ඇතුළු පිරිසක් මෙලෙස දේපළ හානි සිදුකර තිබුණි.

මීට අදාළ සැකකරු ඊයේ (29) රාත්‍රියේ කොට්ටාව නගරයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා  33 හැවිරිදි ගල්බොක්ක, අරණායක ප්‍රදේශයේ පදිංචිව සිටින වඩු කාර්මිකයෙකි.

අදාළ සැකකරු අද (30) කොටුව මහෙස්ත්‍රත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.