චීන – පාකිස්තාන ආර්ථික කොරිඩෝව විසුරුවා හැරීමේ තීරණයක්

චීන නිලධාරීන්ගේ අදහස් විමසීමකින් පසු චීන – පාකිස්තාන ආර්ථික කොරිඩෝව සංවර්ධන ව්‍යාපෘති අධිකාරිය විසුරුවා හැරීමට පාකිස්තාන අගමැති ශෙබාස් ෂරීෆ් අනුමැතිය දී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. වසර 2019දී පිහිටුවන ලද මේ ව්‍යාපෘති අධිකාරිය විසුරුවා හැරීමට අවධානය යොමු වී ඇත්තේ සංවර්ධන කටයුතු කඩිනම් නොකිරීම හේතුවෙන් බවත්, චීන නිලධාරීන් ඒ සම්බන්ධව සහතික නොවන්නේ නම් චීන – පාකිස්තාන ආර්ථික කොරිඩෝව සංවර්ධන ව්‍යාපෘතිය අත්හිටුවීම පාකිස්තාන රජයේ තීරණය වී තිබේ.

ඩොලර් බිලියන ගණනාවක ව්‍යාපෘතියක් වන එම ආර්ථික කොරිඩෝව මේ දක්වා සිදු කර ඇති සංවර්ධන කටයුතු ප්‍රමාණවත් නොවීම මත පාකිස්තාන රජය මේ පියවර ගෙන ඇතැයි ද එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ශෙබාස් ෂරීෆ්ගේ පාලක පක්ෂය වන පාකිස්තාන මුස්ලිම් ලීගය (නවාස් ලීගය) ආරම්භයේ සිටම එම ආර්ථික කොරිඩෝ ව්‍යාපෘති සංවර්ධන අධිකාරිය පිහිටුවීමට විරුද්ධ වූ අතර, එය සම්පත් නාස්තියක් සහ සුදු අලියකු බව සඳහන් කර තිබිණි.

Leave a Reply

Your email address will not be published.