බිත්තර 4ක් වැඩිමිලට විකුණූ වෙළෙඳසැළට ලක්ෂ 5ක දඩයක්

උපරිම සිල්ලර මිල ඉක්මවා සුදු බිත්තර 4ක් රුපියල් 260ක මිලකට අලෙවි කළ වෙළෙන්දෙකුට අද (31) රුපියල් ලක්ෂ 5ක දඩයක් පැනවීමට බලන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත්වරිය කටයුතු කළාය.

බලන්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතිය මගින් පාලනය වන  කෝප් සිටි වෙළෙඳ ආයතනය වෙත එම දඩ මුදල පනවා තිබේ.

ඉකුත් 19 වනදා පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් නිකුත්කර ඇති ගැසට් නිවේදනය අනුව සුදු බිත්තරයක් විකිණීමට හැකි උපරිම සිල්ලර මිල රුපියල් 43ක් ලෙස දක්වා ඇත.

රත්නපුර පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් පසුගියදා බලන්ගොඩ  නගරයේ සිදුකළ විශේෂ වැටලීමකදී උපාය දූතයෙකු මාර්ගයෙන් එම වෙළෙඳසැලේ බිත්තර මිලදීගෙන තිබෙන අතර එක් බිත්තරයක් රුපියල් 65 බැගින් අලෙවි කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වෙළෙඳසැලේ හිමිකරු අධිකරණයේදී වරද පිළිගැනීමෙන් අනතුරුව මෙම දඩය පනවා තිබුණි.

රත්නපුර පාරිභෝගික කටයුතු අධිකාරියේ දිස්ත්‍රික් ප්‍රධානී උදය  නාමල්ගම මහතාගේ උපදෙස් පරිදි වැටලීම්වලට අදාළ විමර්ශන කටයුතු සිදුකර තිබුණි.

Leave a Reply

Your email address will not be published.