දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍ය නෑ – මහ බැංකු අධිපති

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුකිරීමට අවශ්‍ය නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඊයේ කොළඹදී පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත

ශ්‍රී ලංකා රබර් නිපැයුම්කරුවන්ගේ හා අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති රවී දද්ලානි මහත්මිය

“ඔබ දිගින් දිගටම ප්‍රකාශ කළා අපනයන අගයේ සහ මෙරටට ඩොලර් ලැබීමේ අතර වෙනසක් පවතින බව, රටට ඩොලර් එවීමට කටයුතු නොකිරීමේ වරදකරුවන් සොයමින්.”

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා

“පසුගිය මාස දෙකක කාලයේදී අපනයනයෙන් ඩොලර් බිලියන 1.2ක මුදලක් උපයා තිබෙනවා. එමෙන්ම ගතවූ මාස 12ක කාලය තුළ අඛණ්ඩව ඩොලර් බිලියනයේ සීමාව ඉක්මවා ආදායම් ලැබුවා.මම පෞද්ගලිකව අකමැති දෙයක් ආනයන තහංචි පැනවීම හා අපනයකරුවන්ගේ ගිණුම් පරීක්ෂා කිරීම.නමුත් අවාසනාවට වැරදි ප්‍රතිපත්ති නිසා විදේශවල මුදල් තැන්පත් කිරීම් හා නීතිවිරෝධී අයුරින් මෙරටට මුදල් ගෙන ඒම නිසා මේ සියලු විපත්ති සිදුවුණා.”

“මන්ද මෙවැනි අවස්ථාවකදී විදේශ මුදල් ප්‍රමාණයක් රට තුළට ගෙන ඒම සිදුකළ යුතුයි. නමුත් එය සිදු නොවන්නේ නම් අප දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි. එවැනි එක් දෙයක් නම් ඔබ වැනි අපනයනකරුවන් හඹාගොස් ඔබේ ගිණුම් නිවැරදි දැයි පරීක්ෂා කිරීම ඒ වගේම එය ද සාර්ථක නොවන්නේ නම් ආනයන තහනම් පැනවීම සිදුකළ යුතු වනවා. ඔබට මතක ඇති පැය 12-13 අතර විදුලි කප්පාදු කිරීම්, දිගු පෝලිම් වගේම ඔබට ව්‍යාපාරයක් සිදුකිරීමට කෙතරම් අපහසු වුණාද? එය තමයි අප වැළැක්විය යුත්තේ.”

කැපිටල් එලායන්ස් ලිමිටඩ් කළමනාකාර අධ්‍යක්ෂ දේශාන් පුෂ්පරාජ් මහතා

විදේශ බැංකු බොහෝමයක් කථාබහ කරනවා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව?

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා

“අපට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවක් නැහැ. ඒක ඉතා පැහැදිලියි වගේම මට විශ්වාසයි අපිට එය පවත්වාගෙන යා හැකි බවට. අපි විදේශ ණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී ඔවුන් ද වටහාගත්තා දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් ඔවුන්ට ප්‍රතිලාභයක් හා ඔවුන්ගේ අගය නොලැබෙන බව.”

Leave a Reply

Your email address will not be published.