අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් රජයේ විධායක නිලධාරීන් හෙට(20) එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වන බව අද නිවේදනය කළේය.
රජයේ විධායක නිලධාරී ඒකාබද්ධ කමිටුව නියෝජනය කරන වෘත්තීය සමිති 20ක් මෙම වර්ජනය සඳහා එක්වන බවයි වාර්තා වන්නේ.
මේ අතර, මෙවර අයවැයෙන් රුපියල් 25,000ක අතුරු දීමනාවක් ලබානොදීමට විරෝධය පළකරමින් නොවැම්බර් 23 වැනිදා ගුරු විදුහල්පති සංගම් විරෝධතාවයක නිරත වන බව විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව මහතා පවසයි.
“ඔබ දන්නවා මේවන විට පෙර පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා අධ්‍යාපනයට අදාළ සියලුම ආයතනවල සේවකයෝ තමන්ගේ විරෝධතා ප්‍රකාශ කරලා තියෙනවා. ඔවුන් සියලු දෙනාටම රුපියල් 25,000ක අතුරු දීමනාවක් ලබා දිය යුතුයි කියන ඉල්ලීම වෘත්තීය සමිති විසින් ඉල්ලීම් සිදුකරමින් ඉන්නවා. ප්‍රධාන විදුහල්පති සංගම් 7ක් සහ ගුරු සංගම් 20කට ආසන්න සංඛ්‍යාවක් එකට එක්ව පෙළගැහිලා ඉන්නවා ලබන 23 වෙනිදා විරෝධතාවය දියත් කරන්න”


