කඩුවෙල නගරයේ පිහිටි විද්‍යුත් උපකරණ අලෙවි සැලක අද (19) උදෑසන හටගත් ගින්නකින් එකම පවුලේ සිව්දෙනෙකු මිය ගොස් තිබේ.
මෙම ඛේදවාචකයෙන් මව, පියා සහ අවුරුදු 2ක් හා අවුරුදු 6ක් වයසැති දරුවන් දෙදෙනා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
ගින්න හටගත් දෙමහල් ගොඩනැඟිල්ලේ පහළ තට්ටුවේ විද්‍යුත් උපකරණ අලෙවි සැල පිහිටා ඇති අතර, මිය ගිය පවුලේ සාමාජිකයන් ඉහළ තට්ටුවේ රැඳී සිට ඇති බව සඳහන් වේ.
ගින්න පාලනය කිරීම සඳහා කෝට්ටේ ගිනි නිවීම් ඒකකයේ ගිනි නිවීමේ රථ 03ක් මේ වන විටත් යොදවා ඇත.
ගින්නට හේතුව සහ සිද්ධිය පිළිබඳ වැඩිදුර විස්තර මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අදාළ අංශ මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කෙරේ.


