වින්දිතයින්ට යුක්තිය ඉටු නොවන තෙක් මේ රට අපරාධ රාජ්‍යයක්

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය 2000 වසරේ සිට 2015 වසර දක්වා මාධ්‍යවේදීන්ට සහ ජනමාධ්‍ය ආයතන වලට එරෙහිව කරන ලද ක්‍රියාකාරකම් පිළිබද ලේඛණයක් ඉදරිපත් කර තිබෙනවා.එය සිදු වීම් 30කින් සමන්විත වනවා.එහි ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම්,අතුරුදහන් කරවීම,පහරදීම් හා ජනමාධ්‍ය ආයතන වලට පහරදීම්ද ඇතුලත් බවත් බොහෝ සිදුවීම් වල ප්‍රගතියක් මේ වන තෙක් දක්නට නොලැබෙන බවත් ජනමාධ්‍යවේදීන් මෙවැනි ඉතිහාසයක් පසු කරමින් පැමිණ ඇති බව අතුරුදහන්වු සහ ඝාතනය වු මාධ්‍යවේදීන් ඇතුලු සියලු පුරවැසියන්ට යුක්තිය ඉටු කරනු යන මැයෙන් ඊයේ(30) දින කොළඹ ජානකී හෝටලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් අයිතීන් උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයේ කේ සංජීව මහතා පැවසීය.

අපි 2015 වසරේ යහපාලන ආණ්ඩුව තැනීමට සෑම වේදිකාවකම මෙම සිදු වීම් ගැන කතා කරා.ඒ හඩින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිධුරයට පත්වු පසු මේ පරීක්ෂණ වලට කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහල නිළධාරීන්ට කතා කරල මේ පරීක්ෂණ අඩපන කිරීමයි.අඩුම තරමින් යුධ හමුදාව, නාවික හමුදාව වැනි ආයතනවලින් මේ පරීක්ෂණ ක්‍රියාවලියට සහාය අරන් දෙන්නවත් බැරිවුනා යැයි ඒ මහතා පැවසීය.

රටක නීතියේ පාලනය ඇති නොකර ආර්ථිකය හදන්න බැහැ.ඉන් පසුව මේ සිදු වීම් වල පිටුපස හිටපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කළා.ඔහු ජනාධිපති කරල රටට මොකද වුනේ,අද රට තියෙන්නේ කොතනද?ඝාතනයන්ට අතුරුදහන්කරවීම් වලට සැක පුද්ගලයෙක් අපි ජනාධිපති කරාට පස්සෙ ලංකා රාජ්‍යයම අද බිද වැටිල තිබෙනවා යයි හෙතෙම පැවසීය.

අතුරුදහන්වුවන්ගේ අම්මල තාත්තල සටන් කරනව අතුරුදහන්වුවන්ට සාධාරණය ඉටු කරන්න කියලා.ඔවුන් කොපමණ කාලයක් මේ යුක්තිය ඉල්ලන්නද?රටේ පුරවැසියො මහපාරෙ මරල දාපු පුද්ගලයෙක්ට රටේ ජනාධිපති වෙන්න පුලුවන්නම් මොකක්ද මේ රටේ යුක්තිය.සුපිරි රටක් හදන්න නම් ලසන්තල මරපු අයට දඩුවම් දිය යුතුයි.වින්දිතයින්ට යුක්තිය ඉටු නොවන තෙක් මේ රට අපරාධ රාජ්‍යයක් යැයි කේ සංජීව මහතා තවදුරටත් පැවසීය

Leave a Reply

Your email address will not be published.