කුඩු බට්ටි අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටාගේ” මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබල සාමාජිකාවක් වන කුඩු රැජිණ හෙවත් “කුඩු බට්ටි” හා තවත් පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් ලක්ෂ 15කට අධික වටිනා කමකින් යුත් හොරොයින් මත්කුඩු ග්‍රෑම් 51යි මිලිග්‍රෑම් 600ක් සමග රාජගිරිය කෝට්ටේ පාරේ දී ඔවුන්ව අත්අඩංගුව ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකක 2හි නිලධාරීන්ට ලද තොරතුරක් අනුව එම වැටලීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුට වයස අවුරුදු 34ක් වන අතර, සැකකාරියට වයස අවුරුදු 40කි.

ඔවුන් රාජගිරිය සහ තංගල්ල පදිංචිකරුවන් ය.

සැකකරු හා සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා වැලිකඩ පොලීසිය වෙත භාරදී ඇත.

Leave a Reply

Your email address will not be published.