එක්සත් රාජධානිය වෙත අපනයනය කරන භාණ්ඩ ‍රැසකට තීරු බදු සහන

සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙඳ යෝජනා ක්‍රම මගින් එක්සත් රාජධානිය වෙත අපනයනය කරන භාණ්ඩ රැසකට තීරු බදු රහිත ප්‍රතිලාභ ලබා ගැනීමේ අවස්ථාව, ශ්‍රී ලංකාවට ලබා දී ඇති බව එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසනවා.
ඔහු ඒ බව ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයාට සුබ පැතුම් පණිවිඩයක් යොමු කරමින්.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා විසින් විසින් ජනාධිපතිවරයාට එවන ලද සුබ පැතුම් පණිවිඩයේ සඳහන් කරුණු ඇතුලත් නිවේදනයක් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.