ගෑස් මිල යළි පහළට

සැප්තැම්බර් මස 05 වනදා සිට ගෑස් මිල අඩු කිරීමට පියවර ගන්නා බව ලිට්‍රෝ සමාගම පවසයි.

එහි සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල අඩුවීමට සාපේක්ෂව මිල සූත්‍රයට අනුව ගෑස් මිල සංශෝධනය කිරීමට පියවර ගන්නා බවය.

ඒ අනුව මිල සංශෝධනය සිදුවන ආකාරය සම්බන්ධයෙන් පසුව ප්‍රකාශ කරන බව මුදිත පීරිස් මහතා පැවසීය.

පසුගිය මාසයේ ද ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට පියවර ගැණුනු අතර පසුව ලාෆ් සමාගම ද ගෑස් මිල සංශෝධනය කෙරුණි.

Leave a Reply

Your email address will not be published.